Mr. Bean

SAHAN™
3 min readNov 28, 2021

--

Is he suffering from stuttering?

Mr.Bean

Mr. Bean කියපුවා ම ඕනම පොඩි ළමයෙක් දන්නවා. ඒ තරමට මිස්ටර් බීන්ගේ චරිතය බහුතරයක් පුද්ගලයිනේ මනසට කා වැදිලා තියෙන්නේ. ඒත් බහුතරයක් දෙනා දන්නෙ නෑ ඔර්ජිනල් මිස්ටර් බීන් එපිසෝඩ් 14යි තියෙන්නේ කියලා. ඒකට හේතුව මේක යූටියුබ් එකේ ෆේස්බුක් එකේ පට්ට ගහන නිසා ඇත්තටම Mr. Bean Season 1 කතා මාලාවේ තියෙන්නේ Episodes 14යි. නෑ ඇත්තට ම Mr. Bean Season 2 එකක් තාම ඇවිත් නෑ. එයි කියලා බලාපොරොත්තු තියාගන්නත් බෑ. එන බවකට කිසිම ඉඟියකුත් නෑ.

අපි හැමෝම දන්න IMDb එහෙමත් නැත්තම් International Movie Database අගය 8.5/10 මේ Mr.Bean කතා මාලාවට හිමි වෙලා තියනවා.

Rowan Atkinson

වෘතියෙන් ඉන්ජිනේරුවරයෙකු, බ්‍රිතාන්‍ය විකට නලුවෙකු, පිටපත් රචකයෙකු වන Rowan Atkinson ගේ රංගන දායකත්වයෙන් 1990 ජනවාරි 1 දා Mr.Bean Episode 01 විකාශය කරලා තියෙන්නේ Thames Television ජාලය ඔස්සෙ. මෙම episodes වල අධ්‍යක්වරුන් ලෙස John Howard Davies (Episodes 1,2,3); John Birkin (Episodes 4,5,6,7, 10,11,12,13,14); Paul Weiland (Episodes 8,9) කටයුතු කරලා තියනවා.

Mr.Bean’s Mini

මේ කතා මාලාව පුරාවට ම Mr.Bean සතුව 1979 නිෂ්පාදිත සිලින්ඩර් ධාරිතාවය 998 වන උපරිම වේගය පැයට කිලෝ මීටර 130 වන Mini1000 Cooper මෝටර් රථ 6ක් භාවිතා කරනවා. පළමු එපිසෝඩ් එකේදී වාහන අංක RNT 996H තැඹිලි වර්ණයෙන් යුක්ත රථය හා පසු කාලින කතා තුල කොළ වර්ණයෙන් යුක්ත කාර් කීපයක් පදවනවා. මේ වන විට එම මෝටර් රථ National Motor Museum Trust සතුව තියනවා.

Mr.Bean ගැන කතාකරනකොට ලෝකෙ ගොඩක්ම ප්‍රසිද්ධ Fans’ theories දෙකක් තියෙනව. එකක් තමයි Mr.Bean කියන්නෙ පිටසක්වල ජිවියෙක් හෝ පිටසක්වල ජිවියො පැහැරගෙන පරික්ෂණයකට බඳුන් කරලා නැවත පොලොවට අතැරපු මිනිහෙක් කියන එක මේකට ගොඩක්ම හේතුවෙන්නෙ Bean ගෙ විකාර සහගත හැසිරිම සහ Episode Strat credit එකෙ පෙන්වන Mr.Bean ලොකු ආලෝක ලපයක් උඩට අහසින් වැටෙන එක.

කාටුන් වල උනත් පියාඹන පිරිසි මිනිස්සු පැහැරගන්නෙ අරවගෙ ලොකු එලියක් එවලා. ඒකම තමයි මේකටත් පදනම් වෙන්නෙ. අනික තමයි Mr.Bean කියන්නෙ Lab එකක හදපු නිර්මාණයක් කියන එක.

ඒ වගේ ම 2002 වර්ෂයේ දී කාටූන් සීරිස් එකක් විදිහට තවත් කතා මාලාවක් එලි දැක්වුවා

Cartoon Seris

Mr. Bean Season 01 කතා මාලාවෙ Episode එකෙන් එපිසෝඩ් එක පිලිබදව ඊළඟ ලිපියෙන්

--

--